ඔන්න ඉතින් අද නම් මරු ඇයි උදේම දේවිය කතා කරලා අපි මීට් වෙමු කිව්වනෙ…මාත් ඉතින් මගේ සන්තෝසෙ වැඩි කමට හා කිව්වට මොකෝ..මෙයාගෙ ඊලග දේ නම් ඇහුනේ නැත්නම් කියලා හිතුනා.මම යාලුවෙක් එක්ක එනවා ඇදුම් ටිකක් ගන්න ඔයා එන්න එතෙන්ට.මේක නම් පුතේ ඔන්න උගුලක් අතේ සල්ලි විසිවෙනවමයි මගේ දේවිය මාව සුද්ද කරන කෙනෙක් නොවුනට මොකෝ ඇදුම් දැක්කම නම් ඉතිං ෂුවර්ම නෑ.
මාත් ඉතින් කඩේ ඉන්න සියලු කස්ටියව සිහි කරලා දන්න දෙයියන්ට වැදලා කිව්වේ අලුත් ස්ටයිල් කියන ජාති ගණන් වැඩි ජාති අතුරුදහන් වෙන්න කියලයි.හිතෙන ඇදුම ගන්න දේවිය ලග සල්ලි තියෙන්ඩ කියලයි.මොකෝ කොල්ලා මේ දවස්වල රිම් එකෙන් අනේ ඔයා ලග නැත්ද කීයක්වත් කිව්වොත් …හ්ම් එයා එහෙමමත් නෑ ..ඒත් මටත් තියනවනේ මචංලා අර මොකක්ද එකක්.දැන්ම කොහොමත් කෙල්ලගෙන් යැපෙන එක හොද නෑ කියලයි ඕං මං හිතන්නේ.රී ලෝඩ්,බස් ගාස්තු ඒවට අදාලම නෑ ඒත් හරිද…
මාත්ඉතින් මව් බිසවගෙන් වත් කියක් හරි ඉල්ල ගන්න හදන කොටම මෙන්න මල්ලි කාරයා සල්ලි ඉල්ලපි!ක්ලාස් ෆීස් කියලා.දැන් හබක්!මොකො ඇහිච්ච කතාවෙ හැටියට නම් අතේ සල්ලි නෑ ආයෙ.අනික මොන හේතුවක් කියලා ඉල්ලන්නද?
බැරිම තැන ඹන්න යාලුවෙක්ගෙන් ඉල්ල ගත්ත රු 500 කුත් අරගෙන ගියයි කියමුකෝ.දැන් මම බලන් ඉන්නවා දේවිය එනකම්..දැන් නම් මතක් වෙන කොටත් හිනා යනවා මම හිතන්නේ මම හිටියේ මගේ දඬු මොණරේ තියාගෙන(අපිට ඉතින් ලොකු දේවල් නෑ සයිකල් කට්ට තමා) කඩේ ඉස්සරහා බෙල්ල දික් කරගෙන හතර අත බල බලා..කොහෙන් මතු වෙයිද දන්නෙ නෑනේ ඒ අස්සේ කඩේ අඳුරන කවුරු හරි හිටියොත්! දෙන්නටම පොරියල්..මම ෂේප් කරගත්තත් එයාගේ මව් දේවිය නම්: අම්මො…! කෙල්ලව එවන් නැතිවෙයි ආයෙ ක්ලාස් වත් තනියෙන්..අපරාදෙ කියන්න බෑ කෙල්ලො හිතුවොත් කොච්චර කපටි වෙන්න පුළුවන්ද කියල නම් මම ඉගෙන ගත්තේ මගේ සුන්දර දේවියගෙන්ම තමා..
කල්පනාවෙන් කල්පනාවෙන් ඉන්නකොට ඩෝන්!* අනේ මේ කුඩේ මේක වැස්සට අව්වට වඩා මෙයාට ප්‍රයෝජනවත් මට ගහන්නද මන්දා එක්කො ආදරේට නැත්නම් දුක හිතුනම ඒත් නැත්නම් තරහට මේ ඔක්කොටම මම බයයි! අම්මපා කුඩේ අතේ තියන කොට මමනෙ ගුටි කන්නේ! L හනේ මම ආවා ගානක්වත් නෑ කොහෙද බලන් හිටියේ…කො බලන්න මටත්..ආ මම බලන් හිටියෙ අර කටුස්සියෙක් එනව කිව්වා මේ පැත්තෙන් හම්බෙනකම්..! වඳුරා…මම කිව්වෙ අද ක්ලාස් ඉවරවෙලා එන්නෙ කියලා…ක්ලාස් එක මේ පැත්තෙනේ….හරි හරි මම ඉතින් හැම පැත්තම බලන් හිටියේ…මම වඳුරද? බලන්න කණ්ණාඩියකින් වැඳිරි කවුද කියලා..ඇති ඇති මේ යාලුවත් ඉන්නවා..අහ් හෙලෝ….සොරි දැක්කේ දැන්නේ..ඉතින් අද මොනවද ඉගෙන ගත්තේ…අනේ මේ අද මටත් වැඩක් කරගන්න නෑ ඔයාගේ මේ වදේ නිසා..ඇයි දෙයියනේ මට ඇන ඇන වෙලාව අහනවා….ඔයා එනව නේද අහනවා…ඔන්න මේ පාර එක්සැම් ෆේල් උනොත් ඔය දෙන්නා තමා…මෙයාගෙ ගෑස්!…ඔයා මෙයාගෙන්ද මට දාන්න ගෑස් ගන්නේ?
මේ අහන්නකෝ ඇති ඇති යන්කෝ මම කොච්චර අමාරුවෙන්ද මේ ඔයාව බලන්න එන්නේ..ඇයි ඉතින් අමාරු වෙන්නේ මම එන්නම්කෝ ගෙදරම…අනේ මේ එදා ආව හැටි මතකයිනේ මට..ඇයි මම ආවෙ මවි බිසව ඉතින් මේ පුතාට බීම එකකුත් හදලා දුන්නේ..අනේ මේ යනවා යන්න මට පොතක් දෙන්න කියලා බොරුත් කියලා….ඇවිත් මෙතන. හෙන වීරයා වගේ කතාව..ආහ් තව තාත්තා එනකොටම මම යන්නම් ඇන්ටි යන්නම් අන්කල් කියලා මාරු…දේවිය ඇක්ෂන් දදා මට පල් කරනවා ඔන්න මමනෙ දන්නේ ඉතින් එදා පත්තු වෙච්ච ගින්දර…හෙන හිනා නේද? අගේ කරනවා. මට අසනිපයි අද එන්නේ නෑ කිව්ව නිසා ආවම බලලා යන්න කියන කතා නේද? අනික දවසේ කරපු නෝට්ස් ටික ගෙනාව එකත් හොද නැතිද?මම එදා කොච්චර උනන්දුවෙන් පාඩම අහගත්තද කියනවා නම් මිසුත් මට කිව්වා හොදයි කියලා…ඔව් ඉතින් මිස් ඔයාට හැමදාම හොදයි කියනවනේ…මම නැති නිසා ටිකක් වැඩියෙන් කියන්න ඇති!.
හරි හරි දැන් මොකද මේ හදිසියෙම ෂොපින් යන්න හිතුනේ ඔයාට?? යන්කෝ කියන්න ඉතින්… ඔන්න ඉතින් මාවත් ඇදගෙන ගියයි කියමුකෝ ඇතුලට හරි මොනවද ගන්නේ අහන්නකෝ හෙට තාත්තිගෙ බර්ත් ඩේ එක මායි අම්මයි ෂර්ට් එකක් අරන් දෙන්න හැදුවෙ..ඉතින් මම අම්මගෙන් සල්ලිත් ඉල්ලන් ආව. ඒ කතාවට නම් මට පොඩ්ඩක් විතර හැපි මොකද ආෆ්ටර් ඕල් මගෙන් සල්ලි යන්නේ නෑනේ.දැන් මම ගෙනාව සල්ලි වලින් මෙයත් එක්ක ගිහින් අයිස් ක්‍රීම් එකක් කත හැකිනේ…
ඉතින් දෙයියනේ අම්මනේ ඹ්ක තොරලා අරන් දෙන්න ඕනි තාත්තට..අනේ යන්න එයා තේරුවොත් ඔය ජරා ඩිසයින් තමා ගන්නේ ඒ නිසා මම කිව්වා මම ගේන්නම් කියලා..හා මේ පණ්ඩිත ආච්චියේ නෝනට වඩා මහත්තයා කැමති දේ දුව දන්නෙ කොහොමද හා ඔයා මොකද කියන්නෙ යාලු….මේ මේ මාව අල්ල ගන්න එපා..ඔව් මේ පැත්ත බලනවා.. මමනේ ඔයාට කතා කරන්නේ…! අම්මේ හරි.. හරි..
ඉතින් දැන් මම මොකද කරන්න ඔනි.?ඔයාත් මට උදව් කරන්න තාත්තිට ෂර්ට් එකක් තොරන්න..එ මොකෝ දැන් ඉතින් කිව්වේ අම්මටත් වඩා ඔයාට පුළුවන් කියලා! නෑ ඉතින් මටත් වඩා ඔයාට හොදට තොරන්න පුලුවනිනේ.ඒ කොහොමද දන්නේ!නැ ඉතින් ඔයා ඔය මට අරන් දෙන්නේ ලස්සන ඒවා තොරලා.ඒ ඔය පොඩි දේනේ මේ මේ පොඩ්ඩක් ඉන්න දැන් තේරිම හොදයි නම් එදා දුන්න වොච් එකේ ඇද කිව්වේ…ආ ඒකද ඉතින් එව්ව එහෙම තමයි අනික මම ඔක හොදයි කිව්වොත් ඔයා අප්සේට් වෙයිනේ..හ්ම් ඔවි ඉතින් කිව්වොත් ඇදයක්නෙ දැන් එකත් පුරැද්දට ගිහින්…ඔයාවත් හරියට තෝරගත්තද මන්ද…නෑ නෑ මමයි ඔයාව තෝර ගත්තේ ඒක හරි හොඳේ එකෙ ඇද නෑ ෂුවර්ද?..මම කී පාරක් පස්සෙන් ආවද..හරි ඉතින් එහෙම තමා එකපාර බෑනේ හා කියන්න..ඇති ඇති දැන් කියන්නකො තාත්තගේ සයිස් එක? 16 ඔයාගෙ කීයද? මගේ 16 ½ අත් දිග නම් ඉතින් 17 17 ½ ගන්න ඕනි.අම්මෝ ඔව් අපේ තාත්තටත් වඩා ෂෝල්ඩර්ස් ලොකුයි ඒ වුනාට තියෙන බය…හනේ ඒ ගෞරවය හරිද..හා හා..මම දන් නැතෑ ඒක..
ඔන්න ඉතින් එයා බලලා බලලා තෝරනවා දැන් මට තියලා තමා චෙක් කරන්නේ යාලුවටත් හිනා මේක නම් හෙන අමාරුම වැඩක් කෙල්ලෙක් එක්ක රෙදි කඩේකට එන එක අම්මෝ අම්මත් එක්ක ඇවිත් මට පුරුදුනේ පැය ගානක් තෝරනවා…මේ දෙකට නම් මම කැමතියි ඔයා එකක් තෝර ගන්න මම මගේ ෆයිනල් තීරණේ කිව්ව මොනව වුනත් මේ මගේ මාමාටනේ .හ්ම්ම් අපි මේ දෙකම ගමු.සල්ලි තියෙද..ඇයි මම සල්ලිකාරයනේ දන්නෙ නැත්ද..අනික ඔයා ඉද්දි… කෝ ගන්න ගන්න ගෙවන්න මේකට…මලා කලා හමාරයි…එහෙම හොදද මම අහන්නේ..මමත් දැනුන් නෑ වගේ ඇහුවා..අපො හොදයි!…යී බය ගුල්ලා තව ආදරෙ කරන්න කතාව අතේ සල්ලිත් නෑ.මේ මේ ඔයා දන්නවනේ ඉතින්..හා දැන් සල්ලි වලට නම් ආදරේ වෙන කෙනෙක් හොයා ගන්න මම දුප්පත් ගොඩක්. මම සීරියස්ම කිව්වා අප්පෝ ඔන්න තරහ මූණ හිනා වෙන්න ඕක කැත වුනොත් එහෙම මම පව්නේ….ඇයි!..ඇයි කියන්නේ… මට නම් බෑ වඳුරු මූණෙක් කසාද බදින්න…මට හිනා… මුණේ ඇක්ෂන් එකට මොනව වුනත් මේ කෙල්ලට මම කොච්චර ආදරේද කියලා හිතෙන්නෙ එතකොට.
අහන්නකෝ අපි අනිද්දා ට්‍රිප් එකක් යනවනේ..ඔවි මට කිව්වනෙ ඔයා…ඉතින් අපි ගෙදර නෑනේ දවස් 4 කට ඔව්..එතකොට මේ මැන්ටලේගේ බර්ත් ඩේ එක මට මිස් වෙනවනේ…මොකක් ඔව්නෙ මටත් අමතක වුනානේ ඒක…දේවියට මතකයි….ඉතින් මේ ෂර්ට් එක මම ගත්තෙ ඔයාට……දැන් තාත්තගෙ බර්ත් ඩේ එක කිව්වේ…අනේ මෝඩයෝ ඉතින් මම අම්මිත් එක්ක ඇවිත් ගන්නවනෙ එහෙනම්..ඒකවත් තේරෙන්නෙ නැතිද? නෑ නෑ තාත්තිටත් එකක් ගන්න ඔනි මේක මම තේරුවේ ඔයාට මේක තාත්තිට..මේක..හම්ම් ඒත් මේකෙ සයිස් හරිද? හරි හරි මම සයිස් බලලා තමා ඔයාට දුන්නෙ තොරන්න.ඒත් ඩිසයින් එක ටිකක් අප්සේට් වගේ නේද වෙන එකක් ගමුද? නෑ නෑ මේක හොදයි..ඔන්න දැන් මූන රතු කරගෙන..හරි මම ගොඩක් කැමතියි මේකට.ඒකනේ නොනට වඩා මහත්තයා කැමති දේ දන්නෙ කවුද ඉතින් හා….හා එහෙමද?..ඔව් ඇයි? අපෝ මම නම් බඳියි ඔයාව..ඇත්තට බැන්ඳෙ නැත්තම් මම බලාගන්නම්කෝ..ඇයි මොනව කරන්නද ? මම අල්ලලා බැඳ ගන්නවා….දෙනවා එකක් කියලා ඔලුවට පොඩියට ටොක්කක් ඇන්නට මොකද මට නම් පට්ට හැපී අද නම්…දැන් තියන එකම අවුල මේක ගෙදර ගෙනියන එක..අනික මේක මම කොහෙට අදින්නද? ඔයා ඕක එක්සෑම් කරලා කැම්පස් යනකොට අඳින්න මාව මතක් වෙයිනේ එතකොට..කවුද දන්නෙ මම වෙන කැම්පස් එකකට යයිද කියලා….! මම ෆේල් වුනොත්…. අපෝ නෑ ඔයාට මම ෆේල් වෙන්න දෙන්නේ නෑනේ.. හරි අපි යමුද..දැන් මට මොනවද දෙන්නේ?? ඉතින් අද ඔයාගේ බර්ත් ඩේ එක නෙවෙයිනේ…ඇත්තද..මේ ඒක නෙවෙයි අහන්නකෝ ඔයාට සල්ලි කොහෙන්ද නොනේ මේවට…අප්පෝ මම ඔයා වගේ නාස්තිකාර නෑ මම ඉතිරි කරපුවා…එතකොට ඔයාට සල්ලි තියේද…අප්පෝ මුඩ් එක කන්න එපා හලෝ නෝනා තෑග්ගක් දුන්නම ගන්න ඕනි ප්‍රශ්න බෑ මහත්තයෝ…දැන් යං…හරි හරි මගේ ගානෙ අයිස් ක්‍රීම් කමු යාලුවත් ඉන්නවනේ…හම්ම් හැබැයි හැබැයි මට අර චොකලට් එකක්ම ඕනි..හා හා යමුකෝ…
(මෙය මට හිතුනු කතාවක් මිසක් සත්‍ය සිදුවීමක් නම් නෙවෙයි! :පී)