මාස ගානකට පස්සෙ ඔන්න මෙහෙට වහිනවා.අම්මෝ මේ මිනිස්සු වැස්ස නැතිව වින්ද දුක නිමා කරලා වැස්ස පටන් ගත්ත එක නම් ලොකු දෙයක්!වැස්ස අස්සේ මටත් හිතුනා ඔන්න මේකෙ මොනවහරි ලියල දාන්න…මේ දවස්වල පාඩම් වැඩ කියලා සෙට් වුනාට බලාගෙන යනකොට මූණු පොතේ තමයි වැඩිපුර ඉදලා තියෙන්නේ.හ්ම් දැන් ආයෙත් යුනිය පටන් ගන්න කතාවක් තියෙනවා.කොහොමත් ඒක හොදයි ගෙදර ඉදලම එපා වෙලා…
මේ අනං මනං අස්සෙ කියන්න හදපු දේවල් අමතක වෙනවා.ඔන්න ඉතින් ගෙදර ඉන්න එකේ කොල්ලට හම්බවුනා අප්පච්චිගේ පරණ පොත් වගයක්(රාජකාරි තමා) ඒ අස්සෙ තිබිලා හමු වුනු පොතක් ගැන තමා මේ කියන්න යන්නේ…..නමින්ම කිව්වොත් “ජාතික කොඩිය භාවිතය- රීති සංග්‍රහය “.ඒකෙ තියන දේවල්.දන්න අයට මතක් කරගන්න.නොදන්න අයට දැනගන්න ඔන්න විස්තර ටිකක්..මේකෙ මාර දේවල් තියෙන්නෙ අම්මපා.අපි හිතන්නෙ නැති දේ ගොඩයි…..
ජාතික කොඩියේ වැදගත්කම
![]() |
ජාතික ධජයට සැම විටම ගෞරව කරන්න |
මෙකෙ තියන ටික ඒ විදිහටම දාන්නම් ඒක හොදයි!—-ජාතික කොඩියට ගරු කරන්න.ඉන් ඔබ ඔද වැඩී යනු ඇත.ජාතික කොඩියෙන් ද්වනිත වන මූලික පණිවුඩයයි මේ.මෙය සෑම ලාංකිකයකුම වෙත පත්විය යුතු පණිවුඩයකි.(ඔන්න ඉතින් මමත් ජාතික අවශ්‍යතාවයක් මේ ඉටුකරන්නේ හික්ස්! මේ ටික සීරියස්….)ජාතික කොඩිය යනු අප මව්බිමේ ද අපගේ ස්වාධීනත්වයේ ද අප ජනතාවගේ එක්සත් බවේ ද සංකේතය වීම ඊට හේතුවයි.එය ජාතියේ අනාගතය සදහා ඇති අපගේ බලාපොරොත්තු හා පැතුම් පිළිබිඹු කරන සංකේතයකි(ඇත්තම ඇත්ත නේද?)
අපි අපේ ජාතික කොඩිය ගැන හොදට දැනන් ඉන්න ඕන.මේකේ ඒ ගැන විස්තර ගොඩයි…
ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්ථා හා ආකාර….
ඒ වගේම ජාතික කොඩිය විවිධ තැන්වල පාවිච්චි කරන විදිහ ගැන වෙන වෙනම විස්තර තියෙනවා.එළිමහනේ දී කොහොමද,පෙරහැර වලදි කොහොමද, වගේ දේවල් ගැන විස්තර තියෙනවා ඔන්න ..රාජ්‍ය උත්සව වලදී අපේ ධජය අනික් රට වල කොඩි සමග ඔසවන හැටි ගැන විස්තර.දිසා කොඩි එක්ක කොහොමද කියලා විස්තර කරලාම දීලා තියෙනවා(රූප ටික බලන්න ඔන්න)
මීට අමතරව ජාතික කොඩිය වැරදි අයුරින් ප්‍රදර්ශනය කිරීම ගැන රීති,අනිසි ලෙස භාවිත කිරීම පිළිබද විස්තර ගොඩයි.මගෙ අම්මෝ මේකෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා.එහෙම ඉදල නිකන් හිටියෙ නෑ ඔන්න ඔයාලට කිව්වා නිකමට වගේ දැල පිරලා සබැදියක් හොයා ගත්තා මේක භාගත කරගන්න කැමති අය බලල වැඩි විස්තර හොයා ගත්තනං ……….
0 comment
My patriotic feelings were aroused these type of articles,,,,sinha seyyaawen sinha kodiya aran jaathika geeya sing karana kota danena feelings wage ewwa mn kiwwe 😉