අපි කවුරුත් මේ දවස්වල සතුටු වුනු (විශේෂයෙන් පරිගණක ආශ්‍රිතව වැඩ කරන අය!) ආරංචියක් තමයි ගූගල් තමන්ගේ පරිවර්තන සේවාවට සිංහල භාෂාව එකතු කරපු එක.මේක ඇත්තටම සැහෙන කාලෙක ඉදන් ලංකාවේ අය බලාපොරොත්තු වුනු සෑහෙන්න මහන්සි වෙලා ලබාගත්ත දෙයක්! මේ සේවාව තවමත් පවතින්නේ මුල් මට්ටමේ මෙක තාම ඉගෙන ගන්නවා(මම කිව්වේ වැඩසටහන).සිංහල භාෂාවට යමක් පරිවර්ථනය කිරීම ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕනි දෙයක්! මේ සම්බන්ධව බොහොම සුලුවෙන් වැඩ කළ කෙනෙක් විදිහට මම දන්නවා ඒකේ තියන වගකීම…!මේ සඳහා දායක වෙන්නේ ඔබ මම වගේම ශ්‍රී ලාංකිකයෝ(විශේෂයෙන්ම තරුණ තරුණියෝ පරිගණක ක්ෂේත්‍රෙයේ ඉගෙන ගන්න).නමුත් කනගාටුවට කරුණ තමා මේක විහිලුවක් බවට පත්කර ගැනීම.ඇත්තටම මේකට කට්ටිය කොච්චර මහන්සි වුනාද කියලා (කොච්චර ගූගල් ලංකා සමූහය මහන්සි වුනාද කියලා ) මම පෞද්ගලිකව දන්නවා.
රටට ආදරේ කරනවා නම් රටට සේවයක් සුලුවෙන් හරි කරන්න ඔබ කැමතිනම් මේ සම්බන්ධව විහිලු නොකර ගූගල්ට උදව් කරන්න මේ වැඩේට. බොරු පරිවර්තන කරලා ආතල් ගන්න එපා.මේ අපි අපේ රටට කරන දෙයක් අනාගතේ අපේ නංගියෙක් මල්ලියෙක් සිංහල භාෂාවෙන් අන්තර්ජාලය සැරිසරනවා දකින්න අපි ආසයි නේද? සිංහල අන්තර්ජාලය පුරා පිළිගත් භාෂාවක් වෙනවා දකින්න අපි කැමතියි නේද?.අපි මේ වගේ ඉදිරිපත් කරන බ්ලොග් වෙනත් භාෂා කතාකරන අය එයාලගේ භාෂාවෙන් කියවලා අදහස් ඉදිරිපත් කරනවට අපි කැමතියි නේද?කොටින්ම සුද්දට අධිරාජ්‍යවාදී බලවේග වලට බැන බැන ඉන්න නැතිව අපේ කම ලෝකෙට දෙන්න හොදම අවස්ථාවක් නේද?
මේ ලිපිය ලියන්නේ පොඩි කනගාටුවක් එක්ක මොකද මේක විහිලුවට ලක්කරමින් ඉදිරිපත් කරපු බොහෝ දේ දැක්ක නිසා…දන්නේ නැති අයට දැනගන්නත්,අර රටට යමක් කරන්න කැමති කොල්ලෝ කෙල්ලන්ට පොඩි අවස්ථාවක් දෙන්නත් මම පහතින් සබැඳුම් ටිකක් දාන්නම්.මේවට ගිහින් මේ වැඩේට උදව් කරන්න.මතක තියා ගන්න හැම දේම එක දවසින් සාර්ථක වෙන්නේ නෑ.ඒ වගේම අපේ උදව් නැතිව මේ ඇමෙරිකාවෙ සමාගමක් සිංහල දියුණු කරන්නේ කොහොමද? බොක්කෙන්ම අහනවා නම් මොන ඇම්මකටද? මේ නිසා මේ හම්බෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් අන්තර්ජාලයේ සැරිසරන අයට සිංහල තවදුරටත් තේරුම් ගන්න බැරි බාසවක් නෙවෙයි කියන තත්වෙට ගේමු නේද? තරුණ අපිට රටට කරන්න පුළුවන් ලොකු සේවයක් නේද? රස්සාවක් සල්ලි නම් හම්බෙන් නැතිවෙයි :පී
කරන උදව්වක් බොක්කෙන්ම කරන්න බොරු තේරුම් දෙන්න එපා මේක ප්‍රජාවක් විසින් මෙහෙයවන දෙයක් ඔයා වැරදි තේරුමක් දුන්නොත් ඒක නිවැරදි කරන්නෙත් ඔයා වගේම ශ්‍රී ලාංකිකයෙක්!අපේ භාෂාව අපි ලොකෙට ගෙනියමු නැතුව මේක අපේ මෝඩකම පෙන්නන තැනක් කරගන්න එපා.අනික වැරුද්දක් දැක්කොත් ලංකාවේ පුරුද්දට කාටවත් බැන බැන ඉන්න එපා මේකට ඔයාට උදව් කරන්න පුළුවන්! දැනුම් දෙන්න එ් ගැන !නැත්නම් ගිහින් ඔයාම නිවැරදි කරන්න.
ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.
උදව් කරන්න කැමත් අයට…….