උබට කී පාරක් කිව්වද බං දැන්…….ඔය ඇති කල්පනා කරා ඒක ඉවරයි…..හරි හරි බං,මම තවත් ඒ ගැන හිතන්නෙ නෑ…පළයන් බං උබ ඊයෙත් කිව්වෙ ඔය ටිකමයි…බලපන් කරපු වැඩක් නෑ..?හ්ම්……මම දන්නෙ නෑ මීට වඩා උබට කියන්න ඔන්න….දැන් ආයෙත් කතා කරන්නෙ නෑ …..කිව්වනම් මොකද ඔය ෆෝන් එක දිහා බලාගෙන ඉන්නෙ….ආයෙත් මැසේජ් එකක් ගැහුවා නේද?-පිස්සුද බං…..-අනේ මම දන්නවනෙ උඹ ගැන..
සදක් වෙන්න බැරිනම් නුඹ හට-ඉරක් වෙන්න හැකිදෝ මා හටවෙහෙස දැනෙන මේ ජීවිතේ……..වැවක් වෙන්න බැරි තැන නුඹ හට-ඇයිද කිවෙ වෙන්න නිල් දියදුකක් ඉතිරි මේ ජීවිතේ……….
අනේ මගෙ රත්තරං….. ඔයාට ආදරේ කරන්න හීන මවපු මම කොහොමද ආයෙත් ඔයා මගේ නොවන බව දැනගෙන ඔයා එක්ක හිනා වෙන්නෙ….. බැහැ ඒක නම් බැහැ! කොහොමද කතා නොකර ඉන්නේ…….ඒකත් බැහැ…ඔයා මාව අවුල් කරලා…..“මේ උඹ කාලත් නෑ නේද?ඕක කනේ ගහගෙන කුරුටු ගගා ඉන්නවා….“ නෑ බං මේ සින්දුව මාර ලස්සනයි!අහපන්කෝ….“ඔව් ඉතින් ඕවා හොදට ෆීල් වෙනවා ඇති නේද? -උඹ ඔය කතාව ආයෙත් කියන්න එපා…මම උබට එක පාරක් කිව්වා..ඒක ඉවරයි! -ඒත් ඒක උබ නියමෙට පෙන්නනවා…බලපං කණ්ණාඩියකින්!
සීත සෘතුවකට වෙලා-මියයන්න නම් එපාපෙම් කවක් ලියන්න ආසයි මට තවත්……..හිමිකමක් ඇතත් නැතත්-හුස්ම ලන මගේ සිතුම්පන ගසයි ඔබේ දෙපා මුල ගැටී………
ඔයාව අමතක කරන්න පුලුවන්ද?මම පුලුවන් කියලා කිව්වට,පෙන්නුවට…..මොකද්ද මේ වෙනස…….මචං උබ ඔය කතාව කියන කොටත්….මම උත්තර දෙන කොටත්….මගේ මේ හිත කියන්නෙ වෙන දෙයක්ද කියලා මටම හිතෙනවා….හ්ම්…ඒක පාලුවද…..හැගීමද කියන්න මට තේරෙන්නේ නෑ.ඒත් කියා ගන්න මෙච්චරයි කියලා බැරි තරම් පාලුවකින් මගේ හිත පිරිලා…..මම මගේ හිත ඔයාට දීලා ඉවරයි!ඒත්,……. ඒත් ඒ හිතට ඔයාගෙ හිත ලග නතර වෙන්න ඉඩක් නැති බව…එදා ඔයා කියන කොට මට දැනුනු දේ කියන්නෙ කොහොමද???-මැරිලා ඉපදුනා!-නෑ ඒක ඊට වඩා දරුණුයි…ඇයි ඇයි මම බලාපොරොත්තු තියාගෙන ඉන්න බව දැන දැනම…එහෙම කෙලින් කියලා තියෙද්දි..මේ බවක් කීවෙ නැත්තෙ….ඕක උන්ගෙ හැටි බං….උබත් මෝඩකමට ආයෙ ආයෙත් යනවා කෙලවගන්න……
මචං ඔව් මට තේරෙනවා….ඒත් ඒත් මම කොහොමද තරහ ගන්නේ…අන්තිමට අන්තිමට මම හීන මවපු ඔයාට කොහොමද දෙයියනේ මම වෛර කරන්නේ……..ලොකෙන්ම කෑ ගහලා අහන්න හිතුනත් මම සද්ද නැතුව බලන් ඉන්නවා….මම වෙන මොනවා කරන්නද?ඔයා, ඔයා ගැන හිතලා තීරණ ගන්න ඇති සමහරවිට මම මෝඩයෙක් වෙන්න ඇති…ඒත්,ඔයාට කාටවත්ම මොනවත් කියන්න මම ඉඩ තියන්නේ නෑ.මම ඔයාගෙ පැත්තෙන් තාමත් හිතනවා………
මා නොමැති හෙටක් ඇතත්-පිපෙන මල් යලිත් පිපේහිරු එළිය ඇවිත් තව දවසක් උදා වේ……..හමනා ඒ සුළං රැලිත්- නෙත් කොනින් ලගින් හමයිනෙත් අගින් වැටුණු ඒ කදුලැල් සීතලයි…..
මේ කෙහෙල්මල් අමතක කරන්න කියලා කාමරෙන් එළියට ඇවිත්….බැල්කනියෙ කණ්ඩියට නැගලා බිත්තියට හේත්තුවක් දාගෙන අහස දිහා බලන් ඉන්න කොට..හෙට ඉර ආයෙත් පායනවනේ කියලා හිතෙනවා…ඒත් හෙටත් මේ වගේම නම්….?ඔයාගේ ජීවිතේ ඔයාට..තීරණ ඔයාගේ…හරි ඇති……ඒත් මම තාමත් කල්පනා කරනවා….කොල්ලන්ගේ හිත් දැඩියිලු….එතකොට මේ ලෝකෙ අඩන්න පුලුවන් කෙල්ලනට විතරද?………..“මේ උඹ වැටෙයි!ඔතනින්…..බං, මට මේ මහ රැ හොස්පිටල් දුවන්න වෙයි අන්තිමට….හරි හරි බං පොඩ්ඩක් හිටපන්…ඇහැ අගට ආව කදුලු බින්දුව,හිස් අහසට විසි කරලා මම නැගිට්ටා..ඇත්තටම බං ඒක ලස්සන සිංදුවක්…..
මේච්චර දේවල් හිතිච්ච සින්දුව අහල බලන්න….
0 comment
What a blog,,,all the contents are so valuable and interesting
Thanks! Onna
welcome wewwa 🙂